හැඳින්වීම

වර්ෂ 1987 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හා 1987 අංක 42 දරණ පළාත් සභා පණත මඟින් සලසන ලද විධිවිධාන යටතේ පළාත් සභා ස්ථාපිත කරනු ලැබීය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ ලංකාවේ සෑම පළාතකටම එක් පළාත් සභාවක් බැගින් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇත.

එම පළාත් සභා පිහිටුවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව පළාත් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව අදාළ පළාතේ භූමි ප්‍රමාණය හා ජනගහණය අනුව නිගමනය කර ඇත. 1988.03.21 වන දින අංක 499/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එක් එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ගණනද , පළාත් සභාවට ඇතුලත් වන මැතිවරණ කොට්ඨාශ ගණනද තීරණය කර ඇත.

මෙම සියළු විධිවිධානයන්ට යටත්ව 1988.04.28 වැනි දින වයඹ පළාත් සභා මැතිවරණය පවත්වා ඇති අතර 1988.05.12 දින ප්‍රථම පළාත් සභා රැස්වීම පවත්වා ඇත. ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ විධායකය වන අතර 154(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත්කරනු ලබයි.

වයඹ පළාත සඳහා මන්ත්‍රීවරුන් 52 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය ස්ථාපිත කර ඇත. පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව 5 දෙනෙකි.

සෑම පළාතකම එන් එක් අමාත්‍යංශය සඳහා උපදේශක කමිටු 05 ක්, සහ පළාත් ගිණුම්, නීති සම්පාදන, සභා කටයුතු සහ මහජන පෙත්සම් සඳහා කාරක සභා 04 කි.

සභා සංයුතිය

ඵලදායී පාලනයක් සහතික කිරීම සඳහා කවුන්සිලයෙහි විවිධ නායකත්ව තනතුරු ඇතුළත් වේ.

01 සභාපති
01 නියෝජ්‍ය සභාපති
01 සභා නායක
05 අමාත්‍යවරුන් (ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව)
01 විපක්ෂ නායක
01 ආණ්ඩුපක්ෂ සංවිධායක
01 විපක්ෂ සංවිධායක
41 ගරු මන්ත්‍රීවරුන්

සභා ඉතිහාසය

පළාත් සභාව කාල සීමාව
පළමු පළාත් සභාව 1988.05.12 සිට 1993.03.16 දක්වා
දෙවන පළාත් සභාව 1993.11.11 සිට 1998.11.02 දක්වා
තුන්වන පළාත් සභාව 1999.02.09 සිට 2004.02.07 දක්වා
හතරවන පළාත් සභාව 2004.05.18 සිට 2008.12.08 දක්වා
පස්වන පළාත් සභාව 2009.03.12 සිට 2013.07.05 දක්වා
හයවන පළාත් සභාව 2013.10.11 සිට 2018.10.10 දක්වා

අංක අනුව වයඹ පළාත් සභාව

52 ගරු මැති/ඇමතිවරුන්
2 පරිපාලන දිස්ත්‍රික්ක
5 උපදේශක කමිටු
4 කාරක සභා
6 පළාත් සභා වාර ගණන
35+ සේවා කාලය